ආරක්ෂක මාණ්ඩලික තනතුර අහෝසි කරයි – රජය ගැසට් පත්‍රය නිකුත් කරයි

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්න රජය තීරණය කරලා තියෙනවා.

ඒකට අදාළ පනත ඉවත් කරන පනත් කෙටුම්පතක් ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව දැනටමත් සකස් කරලා තියෙන අතර, ඒක මැයි 15 වැනිදා රජයේ ගැසට් පත්‍රයේත් පළ කරලා තියෙනවා.

“ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත 2026” කියලා හඳුන්වන මේ නව පනත අනුව, එම තනතුර සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා.

ඒ වගේම, නව පනත ක්‍රියාත්මක වෙන දවසේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය අවසන් කරන බවත්, එම තනතුර දරන නිලධාරියා නැවත ඔහු අයත් සන්නද්ධ හමුදා සේවයට යොමු කරන බවත් සඳහන් කරලා තියෙනවා.

තවත් විශේෂ කරුණක් වෙන්නේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක අමාත්‍යාංශයට පැවරෙන බවයි කියලා තියෙන්නේ.

මෙරට යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් රැසක්ම මේ තනතුරේ කටයුතු කරලා තිබුණා කියලාත් සඳහන් වෙනවා.

Share This