ගෝඨාභයගේ සීනි බදු නඩුව ජූනි 27 යළි කැඳවයි…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ ආනයනික සීනි සඳහා තිබූ බදු අඩු කිරීම නිසා රජයට රුපියල් කෝටි 1590ක පාඩුවක් සිදුවුණා කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි 27 වැනිදා යළි කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම අද විභාගයට ගත්තේ ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම වැඩිදුර සල
කා බැලීම සඳහා ජූනි 27 වැනිදා යළි කැඳවීමට තීරණය කළා.
