මධ්‍යම සහ දකුණු ආසියානු රග්බි පිටියේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවට – පිරිමි සහ කාන්තා ශූරතා දෙකම මෙරටට

Central and South Asia 7s තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනාගෙන ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම් සමත්වෙලා තියෙනවා.

පිරිමි සහ කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම් දෙකම තරගාවලිය පුරාම ඉතා ඉහළ දක්ෂතා පෙන්නුම් කරමින් ප්‍රතිවාදී කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කළා.

අවසන් මහා තරගවලදීත් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ශූරතා දෙකම ශ්‍රී ලංකාවට දිනා දෙන්න ඔවුන් සමත්වුණා.

මේ ජයග්‍රහණයත් එක්ක ආසියානු රග්බි ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ ශක්තිය සහ ආධිපත්‍යය නැවතත් තහවුරු වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා රග්බි ප්‍රේක්ෂකයන්ටත් මේ ජයග්‍රහණය විශාල අභිමානයක් ගෙන දී තිබෙනවා.

Share This