ඇමති නලින්ද අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව 16 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වුණා. මේ සමුළුව ලබන 22 වැනිදා දක්වා පැවැත්වෙනවා.

මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන සැසි කිහිපයකට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වෙන්න නියමිත අතර, අද (18) ප්‍රධාන සමුළුව ඇමතීමටත් ඔහු සූදානම් වෙලා ඉන්නවා.

සමුළුව පැවැත්වෙන කාලය තුළ භූතානය, තායිලන්තය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් ඔහු එක්වනවා. ඒ වගේම The Nippon Foundation ඇතුළු සංවිධාන කිහිපයක් සමඟත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පසුගිය 2025 ඔක්තෝම්බර් මාසයේ පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියා කලාපීය 78 වැනි සමුළුවේදී එහි සභාපතිත්වයට නලින්ද ජයතිස්ස මහතා පත්වුණා.

ඒ අනුව, මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙසත්, ඔහු මෙවර 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව නියෝජනය කරනවා.

Share This