අමෙරිකාවට චීන වාහන ගෙන්වීම වළක්වන නව පනතක්
අමෙරිකාව චීන වාහන ඇමරිකානු වෙළඳපොළට ඇතුල් වීම වළක්වන්න අරමුණු කරගෙන නව පනතක් හඳුන්වා දී තිබෙනවා.
මෙම තීරණය ගෙන තියෙන්නේ ජාතික ආරක්ෂාව, දත්ත රහස්‍යතාව සහ සම්බන්ධිත “ස්මාර්ට්” වාහනවල චීන තාක්ෂණය භාවිතය ගැන වැඩිවෙන කනස්සල්ලක් මැදයි.
මෙම පනතට සහාය දක්වන පාර්ශ්ව කියන්නේ, චීන වාහනවල ඇති කැමරා, සංවේදක, මෘදුකාංග සහ ස්මාර්ට් පද්ධති හරහා සංවේදී දත්ත රැස් කිරීමක් හෝ ආරක්ෂක අවදානම් ඇති වීමේ හැකියාවක් තියෙනවා කියලා.
මේ පනත සම්මත වුණොත්, චීන මෝ
ටර් රථ නිෂ්පාදකයන් අමෙරිකා වෙළඳපොළට පිවිසීමට ගන්න උත්සාහයට එරෙහිව ගන්නා දැඩිම ක්‍රියාමාර්ගවලින් එකක් වෙයි කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
