ගණේමුල්ල සංජීව ඝාතනය කරලා තියෙන්නේ ගම්පහ ඔස්මන්ගේ ගිනි අවියකින්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට භාවිතා කර තිබෙන ගිනි අවිය ගම්පහ ඔස්මන් නමැත්තා⁣ගෙන් බව අද(15) කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දීලා තියෙනවා.

මේ ගැන කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය කියලා තියෙන්නේ, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 44 වන සැකකරු විදිහට ගම්පහ ඔස්මන් නම් කරලා තියෙන බවයි.

ඔහුව මේ වන විට අත්අඩංගුවට අරගෙන පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේ රඳවාගෙන හිටියා කියලත්, ඒ කාලය ඉවර වුණාට පස්සේ තවත් දින 90ක් රඳවා තබාගැනීමට අවසර අරගෙන තියෙන බවත් අධිකරණයට දැනුම් දීලා තියෙනවා.

තවදුරටත් කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය කියලා තියෙන්නේ, සිදු කළ විමර්ශනවලදී මේ ඝාතනයේ වෙඩික්කරුට අපරාධය කරන්න ගම්පහ ඔස්මන් ළඟ තිබුණු ගිනි අවිය වෙනත් තැනකට ගිහින් ලබා දීලා තියෙන බව අනාවරණය වෙලා තියෙනවා කියලා.

Share This