මේ වසරේ පළාත් සභා මැතිවරණය අනිවාර්යයි

මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (15) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
ඔහු කියන්නේ පළාත් සභා ඡන්දය ප්‍රමාද කරන බවට පැතිරෙන කතා සත්‍ය නොවන බවයි. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වෙන්නේ මේ වසරේ කුමන කාලයේද යන්න මේ වනවිට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළා.
“පළාත් සභා ඡන්දය මේ අවුරුද්ද ඇතුළත තියෙනවා. ඒ ගැන බය වෙන්න එපා,” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
