අරවින්දගේ රියදුරෙක් මරණකරුගේ නිවසින් බෑගයක් රැගෙන ඇවිත් කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක මරණය ගැන අමුතු සාක්ෂි එලියට

සිද්ධියට අදාළව අරවින්ද ද සිල්වා මහතාගේ රියදුරන් දෙදෙනෙකු අද අධිකරණයේදී සාක්ෂි ලබාදුන්නා. හත්වන සැකකරු වන පුබුදු ප්‍රියන්ත අමරකෝන් කියා සිටියේ, තමා අවුරුදු 17ක් පමණ අරවින්ද ද සිල්වා මහතාගේ රියදුරෙකු ලෙස සේවය කරන බවයි. සිද්ධිය වූ දින රාත්‍රී 10.45ට පමණ “බෑගයක් අරගෙන එන්න” කියා අරවින්ද මහතා තමන්ට උපදෙස් දුන් බව ඔහු පැවසුවා. ඒ අනුව තවත් රියදුරෙකු සමඟ කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසට ගිය බවත්, ගේට්ටුව අසලට පැමිණි කාන්තාවක් සුදු පාට ඇඳුම් බෑගයක් තමන්ට ලබාදුන් බවත් ඔහු සඳහන් කළා. බෑගය ඇතුළේ මොනවා තිබුණාද කියලා නොබැලූ බවත්, පසුව එය අරවින්ද සහ කපිල මහතා සිටි මේසයක් මත තැබූ බවත් ඔහු කියා සිටියා. එහිදී කපිල මහතා “තැන්ක් යූ” කියූ බවද සාක්ෂිකරු සඳහන් කළා. පසුව අරවින්ද මහතාගේ පුතාට අවශ්‍ය බෙහෙත් ඩර්ඩන්ස් රෝහලෙන් ගෙන එන්න කියා තිබූ බවත්, ඒ කටයුත්ත අනෙක් රියදුරා කළ බවත් ඔහු පැවසුවා. අටවන සාක්ෂිකරු වන දිනුක් සෙනරත් බණ්ඩාරද අධිකරණයට කියා සිටියේ, තමා අවුරුදු දෙකහමාරක් අරවින්ද ද සිල්වා මහතාගේ රියදුරෙකු ලෙස සේවය කරන බවයි. ඔහු පැවසුවේ, මැයි 7 වනදා කපිල මහතාගේ වාහනය ඔහුගේ නිවසට ගෙන ගොස් යතුර එහි සේවිකාවකට භාරදුන් බවයි. පසුව රාත්‍රී 11.45ට පමණ පුබුදු සමඟ නැවත කපිල මහතාගේ නිවසට ගොස් බෑගයක් රැගෙන ආ බවත්, ඒ සඳහා උපදෙස් දුන්නේ අරවින්ද මහතා බවත් ඔහු කියා සිටියා. සුදු පාට බෑගයක් ගෙන ආ නමුත් එහි මොනවා තිබුණාද කියා නොදන්නා බවත්, එතැනින් වෙනත් කිසිම ස්ථානයකට නොගොස් කෙලින්ම අරවින්ද මහතාගේ නිවසට පැමිණි බවත් ඔහු සාක්ෂි දුන්නා. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධියට අදාළ විමර්ශන කළ නිලධාරීන්ගේ සාක්ෂිද තව ලබාගැනීමට තිබෙන බවයි

Share This