පාසලේ ශ්‍රවණාබාධිත දරුවන්ට පැසිපන්දු තරගාවලියක ජයග්‍රහණයක්

විද්‍යාලය ආරම්භ කළ දවසේ සිටම පළමු වතාවට, වයස අවුරුදු 15න් පහළ පැසිපන්දු තරගාවලියක ජයග්‍රහණයක් හිමිකරගැනීමට එම පාසලේ ශ්‍රවණාබාධිත දරුවන් සමත් වී තිබෙනවා.
විශේෂත්වය වන්නේ, ඔවුන් තරග කළේ ශාරීරිකව කිසිදු ආබාධයක් නොමැති කණ්ඩායමක් සමඟ වීමයි. ඒ නිසාම මෙම ජයග්‍රහණය ක්‍රීඩා ක්ෂේත්රයට පමණක් නොව, මෙරට අධ්‍යාපන ක්ෂේත්රයටද සුවිශේෂී සහ ආදර්ශමත් අවස්ථාවක් ලෙස සැලකෙනවා.
මෙම කණ්ඩායම පුහුණු කළ පුහුණුකරු Greshan Anthony Silva මහතා පිළිබඳවද සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රශංසාවක් පළවෙමින් තිබෙනවා. “සංඥා භාෂාවට වඩා හිතේ හයියෙන් ජයග්‍රහණයට යන්න පුළුවන්” කියන විශ්වාසය මත ඔහු මෙම දරුවන්ට පුහුණුව ලබාදී තිබෙන බවයි සඳහන් වෙන්නේ.
තරගය අවසන් වී ජයග්‍රහණය ප්‍රකාශ කළ අවස්ථාවේ, සිදුවූ දේ තේරුම් ගැනීමටත් පෙර තම පුහුණුකරු සහ විදුහල්පතිනිය සතුටින් උඩ පනින අයුරු බලා සිටි දරුවන්ගේ හැඟීම්බර අවස්ථාව බොහෝ දෙනෙකුගේ හදවත් සංවේදී කර තිබෙනවා.
මෙය “ආබාධයක්” කියන්නේ ශරීරයට නොව, හිතට ඇතිවන දෙයක් බව නැවතත් මතක් කළ ජයග්‍රහණයක් ලෙස බොහෝ දෙනා අදහස් පළ කරනවා.
