අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ විකුණුම් මිල ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද දිනයේදී රුපියල් 329යි ශත 92ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙය 2023 දෙසැම්බර් 27 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි සැලකෙන්නේ. එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330යි ශත 38ක් ලෙස සටහන් වී තිබුණා.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විදේශ විනිමය ප්‍රවාහ ඉහළ යාම, සංචාරක ආදායම් වැඩිවීම සහ ආනයන වියදම් පාලනය වීම වැනි කරුණු රුපියල ශක්තිමත් වීමට බලපා ඇති බවයි.

Share This