ප්‍රතිකාර ලබමින් සිටි සෝමාවතියේ රාජු මියයයිMay 14, 2026 10:30 am පොළොන්නරුව පැලෑටිය ගම්මානයේ බරපතළ තුවාල ලබා මඩ ගොහොරුවක වැටී සිටි සෝමාවතියේ “රාජු” අවසානයේ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. දින පහකටත් වැඩි කාලයක් මේ අලි රජා මඩ ගොහොරුවක වැටී සිටි අතර, ඔහුගේ වයස අවුරුදු 40ක් පමණ බවයි සඳහන් වෙන්නේ. රාජුගේ ශරීරය පුරාම තුවාල දක්නට ලැබී ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහුට වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල වෙලා ඇති බවයි. ඒ වගේම හිස ප්‍රදේශයට රබර් වගේ ද්‍රව්‍යයක් උණු කරලා කළ ප්‍රහාරයක් වගේ දෙයක්ත් දකින්න ලැබුණා කියලත් සඳහන් වෙනවා. පශු වෛද්‍යවරු සහ ප්‍රදේශවාසීන් එක්ව මේ හස්තියා බේරාගන්න දැඩි උත්සාහයක් ගත්තත්, අවසානයේ සෝමාවතියේ රාජුට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. Share This