කෝටි 4ක මත්ද්‍රව්‍ය රේගුවෙන් අල්ලයි

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 හැවිරිදි මෙම පුද්ගලයා ව්‍යාපාරික සේවකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු තායිලන්තයේ සිට TG 307 දරණ ගුවන් යානයෙන් ඊයේ (12) රාත්‍රී 11.28ට මෙරටට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපොළේ Green Channel පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ පරීක්ෂාවකදී ඔහු රැගෙන ආ ගමන් මලු දෙක තුළ සඟවා තිබූ මරිජුවානා සහ හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4,389ක් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 43,890,000ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

Share This