අල්ලස් කොමිසමින් මහින්ද පිටව යයි

හිටපු ජනාධිපති Mahinda Rajapaksa අද (12) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදී පැය දෙකකට වැඩි කාලයකට පසු පෙරවරු 11.50ට පමණ එම ස්ථානයෙන් පිටව ගියා.

2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාදී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව ඔහු අද පෙරවරු 9.30ට පමණ කොමිසම හමුවට පැමිණ තිබුණා.

ප්‍රකාශ ලබාදීම සිදුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති Gotabaya Rajapaksa ඇතුළු පක්ෂ ආධාරකරුවන් පිරිසක්ද එම ස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂට සහාය පළ කළ බව වාර්තා වෙනවා.

Share This