ජෝෂප් විජේ තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස අද දිවුරුම් දෙයි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය තහවුරු කරගත්ජනප්‍රිය දකුණු ඉන්දීය නළු ජෝෂප් විජේ  අද (10) තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා විදිහට දිවුරුම් දීලා තියෙනවා.

චෙන්නායි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේ අති උත්කර්ෂවත් ලෙස මේ උත්සවය පැවැත්වුණා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (09) පස්වරුවේ ලෝක් භවන්හිදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් විජේ මහතා නව මහ ඇමතිවරයා ලෙස නිල වශයෙන් පත් කර තිබුණා.

මෙවර මැතිවරණයේදී විජේගේ TVK පක්ෂය ජයග්‍රහණය තහවුරු කරගත්තත්, තනිව ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය ආසන ගණන නම් ලැබුණේ නැහැ. ඒත් ඉන්දීය ජාතික කොංග්‍රසය, VCK, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය එකතු වීමත් එක්ක අවශ්‍ය බහුතර බලය ලබාගෙන ආණ්ඩුව පිහිටුවන්න ඔහුට හැකිවුණා.

ඒ වගේම වසර 50කට අධික කාලයක් තමිල්නාඩු දේශපාලනය DMK සහ AIADMK කියන ප්‍රධාන පක්ෂ දෙක වටාම ගමන් කළත්, ඒ බලපැවැත්ම බිඳ දමමින් විජේගේ TVK පක්ෂය බලයට පැමිණීම දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙනවා.

Share This