යාල්දේවි හෙට සිට යළි දුවයි
යාල්දේවි දුම්රිය හෙට (11) සිට නැවත ධාවනයට එක්වෙනවා කියලා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තියෙනවා.
කොළඹ කොටුවේ සිට යාපනය හරහා කන්කසන්තුරය දක්වා ධාවනය වන මේ දුම්රිය, අලුත් ධාවන කාලසටහනකට අනුව සතියේ නියමිත දින කිහිපයක පමණක් ධාවනය වෙන්න නියමිතයි.
ඒ අනුව කොළඹ කොටුවෙන් කන්කසන්තුරය බලා යාල්දේවි දුම්රිය ධාවනය වෙන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලදීයි.
එසේම කන්කසන්තුරයෙන් කොළඹ කොටුව බලා ධාවනය වෙන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ නව කාලසටහනට අනුව හෙට සිටම සි
යලු ගමන් වාර ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් දුම්රිය බලධාරීන් කියා සිටිනවා.
