ශ්‍රී ලංකාව සයිබර් අපරාධ මුලස්ථානයක්! පසුගිය දින කිහිපය තුල අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව මියන්මාරය වගේම සයිබර් අපරාධකරුවන්ට පහසු ස්ථානයක් වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කියනවා.
ඒකට හේතු වෙලා තියෙන්නේ – විශාල පිරිසකට නවාතැන් පහසුවෙන් හොයාගන්න පුළුවන් වීම, වීසා පහසුවෙන් ලබාගන්න පුළුවන් වීම, ඒවා සොයා බැලීමේ පද්ධතිය දුර්වල වීම, ආගමන-විගමන නීති ලිහිල් වීම, වේගවත් අන්තර්ජාල පහසුකම් තිබීම වගේ දේවල්.
මේ සයිබර් අපරාධකරුවන් කාන්තාවන් වගේ පෙනී සිටිලා විදෙස් පුද්ගලයන් සමඟ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙලා, ඒ හරහා මුදල් වංචා කරනවා. එහෙමම, ව්‍යාජ ආයෝජන අවස්ථා පෙන්වලා මුදල් ගන්නත් කරනවා කියලාත් කියනවා.
මෙවැනි ක්‍රියාකාරකම් නිසා වෙනත් රටවල් අතර ලංකාව ගැන තියෙන විශ්වාසයත් අඩු වෙමින් යන බව විමර්ශන නිලධාරීන් කියනවා.
ඒ නිසා පොලීසිය මහජනතාවට කියන්නේ – චීන, තායිවාන, වියට්නාම් වගේ රටවල පිරිස් විශාල වශයෙන් එක තැනක සැකකටයුතු ලෙස රැඳී ඉන්නවා නම්, ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ළඟම පොලිසියට දැනුම් දෙන්න කියලා.
පසුගිය දවස් කිහිපය තුළ මෙවැනි සයිබර් අපරාධ වලට සම්බන්ධ විදෙස් ජාතිකයන් කිහිප දෙනෙක්ම දිවයිනේ විවිධ තැන්වලදී අත්අඩංගුවට ගන්නත් පොලීසියට පුළුවන් වෙලා තියෙනවා.
