සාම සාකච්ඡා බලාපොරොත්තුව විසිවෙයි! අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්‍රභල ප්‍රහාරයක්

එක්සත් ජනපදය හමුදාව කියන්නේ, ඉරානයේ හමුදා මධ්‍යස්ථාන කිහිපයක්ට ප්‍රතිප්‍රහාර එල්ල කළා කියලා. මේක කරලා තියෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබ්බ අමෙරිකානු යුද නෞකා ඉලක්ක කරගෙන ඉරානයෙන් එල්ල වුණු ප්‍රහාරවලට ප්‍රතිචාරයක් විදිහටයි.

ඉරානය පැත්තෙන් කලින් කියලා තිබුණේ, අමෙරිකාව තමන්ගේ තෙල් නෞකාවකට සහ තවත් නෞකාවකට පහර දාලා, සටන් විරාමය උල්ලංඝනය කරලා තියෙනවා කියලා.

ඒකට ප්‍රතිචාර දක්වමින්, ඉරානයෙන් මිසයිල සහ ඩ්‍රෝන දියත් කරන මධ්‍යස්ථාන, අණදෙන සහ පාලන මධ්‍යස්ථාන, සහ බුද්ධි මෙහෙයුම් කරන ස්ථාන ඉලක්ක කරගෙන අමෙරිකාව ප්‍රහාර එල්ල කළා කියලා වාර්තා වෙනවා.

USS Truxtun, USS Rafael Peralta සහ USS Mason කියන අමෙරිකානු යුද නෞකා තුන ඉලක්ක කරගෙන ඉරානය මේ ප්‍රහාරය කරලා තිබුණා කියලාත් අමෙරිකානු හමුදාව කියනවා.

හැබැයි මේ ප්‍රහාරවලින් අමෙරිකානු නෞකා වලට කිසිම හානියක් වෙලා නැහැ කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

 

Share This