වියට්නාම ජනපති දිවයිනට… අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගෙන් උණුසුම් පිළිගැනීමක්

ටෝ ලාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (7) රාත්‍රියේ දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. ඔහු සමඟ 209 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද එක්ව තිබුණා.

මෙරටට පැමිණීමට පෙර ඔහු ඉන්දියාව තුළ සංචාරයක නිරතව සිටි අතර, මුම්බායි නගරයෙන් වියට්නාම් ගුවන් සේවයට අයත් VN-1 ගුවන් යානයෙන් කටුනායකට පැමිණියා.

වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් කිරීමටත් නියමිතයි.

 

Share This