මුහුදුබඩ දුම්රියේ සංචාරකයින්ගේ ගමන් මළු සොරාගත් පුද්ගලයා කොටු
මුහුදුබඩ දුම්රියවල යන විදේශිකයන්ගේ බෑග් හොරකම් කරපු පුද්ගලයෙකු ඊයේ (06) දුම්රිය ආරක්ෂක නිලධාරීන් අල්ලලා පොලීසියට භාර දීලා තියෙනවා.
අත්අඩංගුවට ගත්තේ වාද්දුව පොතුපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මාතර ඉඳලා මහනුවරට ගිය දුම්රියක ආරක්ෂක නිලධාරීන් මේ පුද්ගලයාගේ හැසිරීම ගැන සැක හිතලා ඔහු ගැන අවධානයෙන් ඉඳලා තියෙනවා. පස්සේ ඔහුගේ ටිකට් එක පරීක්ෂා කරද්දී එදාට වලංගු ටිකට් එකක් තිබිලා නැහැ.
ඒ නිසා ඔහු ළඟ තිබුණු බෑග් එකත් පරීක්ෂා කරලා තියෙනවා. කලින් අවස්ථා කිහිපයකදීම විදේශිකයන්ගේ බෑග් අතුරුදන් වීම ගැන තොරතුරු ලැබිලා තිබුණු නිසා මේ පරීක්ෂාව කරලා තිබෙනවා.
බෑග් එක ඇතුළේ තිබිලා තියෙන්නේ කාන්තාවන්ගේ ඇඳුම් කිහිපයක් කියලායි වාර්තා වෙන්නේ.
