ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමුවෙයි

ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවී තිබෙනවා.

මෙහිදී ආදායම් උපයන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, නවීකරණය කිරීම සහ රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීයභාවය ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එමෙන්ම රජයේ ආදායම් උපයන ආයතන නවීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවත්, ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබාදීම ගැනත් අවධානය යොමු වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ඉදිරි කටයුතු සඳහා ලෝක බැංකුව සමඟ සමීපව කටයුතු කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ වෘත්තීයභාවය සහ අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළවලටද ලෝක බැංකු නියෝජිතයින්ගේ සහාය ලබා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙම හමුව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකරු Gevorg Sargsyan ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියා.

Share This