වීසා කොන්දේසි කඩකරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
වීසා නීති කඩ කරලා මෙරට ඉඳගෙන මූල්‍ය වංචා කරපු විදෙස් ජාතිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා.
ඒ අතර වියට්නාම් ජාතික පිරිමි සැකකරුවන් 41 දෙනෙකු සහ කාන්තාවන් 33 දෙනෙකු ඉන්න බව පොලීසිය කියනවා.
ඊයේ සවස කොල්ලුපිටිය උත්තරානන්ද මාවතේ තියෙන නිවාස සංකීර්ණයක් වටලා කරපු මෙහෙයුමකදී කොල්ලුපිටිය පොලීසිය මේ පිරිස අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත්ත පිරිස වයස අවුරුදු 19ත් 39ත් අතර අය බවත්, මේ ගැන වැඩිදුර විමර්ශන දැන් ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කළා.

