ඉදිරි දින කිහිපය තුළත් – අදත් තැන තැන තද වැසි
ශ්‍රී ලංකාව වටා තියෙන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය නිසා මේ දවස්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් දිගටම තියෙයි කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා.
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1ට පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.
බස්නාහිර, වයඹ, උතුරු පළාත්වලටත්, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් උදේ වෙලාවෙත් වැසි ඇති වෙන්න ඉඩ තියෙනවා.
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු මැද පළාත්වල සමහර තැන්වලට මිලිමීටර් 75ට වැඩි තද වැසිත් ලැබෙන්න පුළුවන් කියලා දැනුම් දීලා තියෙනවා.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අලුයම් වෙලාවට මීදුම් සහිත තත්ත්වයක් පවතින්නත් ඉඩ තියෙනවා.
ඒ වගේම ගිගුරුම් සහිත වැසි එක්ක එන තාවකාලික තද සුළං සහ අකුණු නිසා වෙන්න පුළුවන් අනතුරු වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරනවා.
