ආබාධ සහිත පුද්ගලයින්ට රජයේ ආයතන සහ පොදු ස්ථානවලට පහසුවෙන් යන්න ප්‍රවේශ පහසුකම් විගණන වාර්තාව එළිදක්වයි
ආබාධ සහිත පුද්ගලයින්ට රජයේ ආයතන සහ පොදු ස්ථානවලට පහසුවෙන් ප්‍රවේශ වීම සම්බන්ධයෙන් සකස් කළ ප්‍රථම ප්‍රවේශ පහසුකම් විගණන වාර්තාව අද නාරාහේන්පිට මෙහෙවර පියස පරිශ්‍රයේදී භාරදී තිබෙනවා.
මෙම වාර්තාව ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් IFES ආයතනයේ සහාය ඇතිව සකස් කර ඇති අතර, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ ගැටලු සහ ඒවාට විසඳුම් ඇතුළත් කර තිබෙනවා.
විගණනයේදී ගැටලු 32ක් හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා නිර්දේශ 28ක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
රෝද පුටු භාවිතා කරන පුද්ගලයින්ට මෙන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටත් පහසුකම් වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බව සඳහන්.
අදාළ නිර්දේශ අදියර කිහිප
යකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එය ඉදිරියේදී අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාත් ආදර්ශයක් වනු ඇතැයි නිලධාරීන් පවසනවා.
