සීසීඩීයේ හිටපු අධ්යක්ෂ රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කළා.
ඒ, නෙවිල් සිල්වා මහතාව අද රත්නපුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහු එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
2023 අගෝස්තු මාසයේ දී එම කොට්ඨාසය හමුවට පැමිණි පැමිණිල්ලක දී පැමිණිලි පාර්ශ්වයට වාසි වන අයුරින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් මත නෙවිල් සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා.
එහිදී නෙවිල් සිල්වා මහතා, පැහැරගෙන යාමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට ද අනාවරණ වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ක්ෂේත්ර බළකා මූලස්ථානයේදී යි.
එලෙස අත්අඩංගුවට ගැනුණු සහකාර පොලිස් අධිකාරිවරයා අද (10) රත්නපුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළා.