අනියම්-ආදේශක සේවකයින් රාජ්‍ය අංශයේ ස්ථිර කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
රාජ්‍ය ආයතනවල තාවකාලිකව, අනියම්ව, කොන්ත්‍රාත් පදනමෙන් හෝ ආදේශක විදිහට වැඩ කරපු සේවකයන්ට ස්ථීර පත්වීම් දෙන්න අදාළ අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා.
11/2026 කියන අංකයෙන් නිකුත් කරලා තියෙන මේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට යවලා තියෙන බවයි සඳහන් වෙනවා.
මේ ගැන පසුගියදා තිබුණු කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියලා තිබුණේ, මේ තීරණයත් එක්ක සේවකයන් 9,800කට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ලබාගන්න අවස්ථාව ලැබෙනවා කියලයි.
