ඩොලරය උඩ යයි, රුපියල 2.9%කින් අවප්‍රමාණ වේ මැද පෙරදිග ගැටුම් නිසා ඇති වූ බාහිර ආර්ථික පීඩනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

2026 පෙබරවාරි අගදී ආරම්භ වූ මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ බාහිර ආර්ථික පීඩනයන් මෙම අවප්‍රමාණයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

අද දින නිල විනිමය අනුපාතික අනුව:

  • ඩොලරයක ගැනුම් මිල: රු. 315.87
  • ඩොලරයක විකුණුම් මිල: රු. 323.80
  • නිරූපිත එතැන් විනිමය අනුපාතිකය: රු. 319.34

එමෙන්ම, 2026 මාර්තු අවසානය වන විට චීන මහජන බැංකුව සමඟ ඇති විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.0ක් ලෙස පැවති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, මහ බැංකුව විදේශ විනිමය මිලදී ගැනීම් සිදු කළද, විදේශ ණය සේවා ගෙවීම් හේතුවෙන් එම කාලය තුළ දළ නිල සංචිත පහළ යාමක් සිදුව ඇති බවද සඳහන් වේ.

Share This