අමෙරිකානු “bunker buster” තාක්ෂණය ඉරානය අතට පත්වෙයි?

ඉරාන හමුදා විසින් ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu සැඟවී සිටින බව කියන ආරක්ෂිත භූගත බන්කර ඉලක්ක කර ප්‍රහාර කිහිපයක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවී ඇත. එම උත්සාහයන් 10කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති නමුත් ඒවා සාර්ථක වී නොමැති බවද සඳහන් වේ.
මේ අතර, මෑතකාලීන අමෙරිකා–ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලදී භාවිතා වූ GBU-57 “bunker buster” බෝම්බයක කොටස් ඉරාන විප්ලවීය හමුදා අතට පත්ව ඇති බවටද වාර්තා පළවී තිබේ. එම කොටස් පදනම් කරගෙන ඉරානය විසින් තාක්ෂණික විශ්ලේෂණ (reverse engineering) වැඩසටහනක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, සටන් මෙහෙයුම් අතරතුර ලබාගත් බව කියන Patriot මිසයිල ආරක්ෂක පද්ධතිවල කොටස් සහ අනෙකුත් හමුදා උපකරණද ඉරාන පාර්ශවය විසින් අධ්‍යයනය කරමින් සිටින බව විදෙස් වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම සියලු වාර්තා ස්වාධීනව තහවුරු කර නොමැති අතර විශ්ලේෂකයන් පවසන්නේ මෙවැනි තත්ත්වයන් කලාපීය ආරක්ෂක සමතුලිතතාවයට බලපෑ හැකි ලකුණු ලෙස සැලකිය හැකි බවයි. ඉදිරි කාලයේදී මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් විය හැකි බවද ඔවුන්ගේ අදහසයි.
