ගුවන් මගියෙකුගේ ලක්ෂ 31ක මුදලක් සොරාගෙන කැසිනෝ ගහන්න ගිය චීන ජාතිකයා කොටු

අබුඩාබි සිට කටුනායකට පැමිණි ගුවන් යානයකදී රුසියානු වෛද්‍යවරයෙකුගේ අත්බෑගයෙන් ඇමෙරිකානු ඩොලර් 9,900ක් (රුපියල් ලක්ෂ 31ක් පමණ) සොරකම් කරපු චීන ජාතිකයෙකු පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මේ රුසියානු වෛද්‍යවරයා ගුවන් යානයේ නින්ද ගිහින් ඉද්දි, ඔහුගේ අත්බෑගය ගමන් මලු රාක්කයේ තිබ්බ වෙලාවේ තමයි මේ සොරකම සිද්ධ වෙලා තියෙන්නේ.

පස්සේ කටුනායකට ආවට පස්සේ තමයි වෛද්‍යවරයාට තමන්ගේ මුදල් අඩු වෙලා තියෙනවා කියලා තේරිලා, ඒ ගැන පොලිසියට පැමිණිලි කරලා තියෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වහාම CCTV කැමරා පරීක්ෂා කරලා බලද්දි, මේ චීන ජාතිකයා ගුවන් තොටුපොළෙන් පිටවෙලා කුලී රථයකින් යන ආකාරය දැකලා තියෙනවා.

ඊට පස්සේ පොලිසිය කුලී රථය ගැන තොරතුරු හොයාගෙන කොළඹ කොටුවේ තිබ්බ කැසිනෝ ශාලාවකට ගිහින්, එහි CCTV පරීක්ෂා කරලා ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙනවා.

Share This