ලෝක යුද්ද වලින් වාසිගන්න චීනය ප්‍රහාරක ගුවන් යානා නිපදවීම වැඩි කරයි

චීනයේ AVIC චෙන්ග්ඩු ගුවන් යානා සමාගම 2025 වසරේ ලොකු ආදායමක් සහ ලාභයක් වාර්තා කරලා තියෙනවා.

වාර්තා අනුව සමාගමේ ආදායම සියයට 15.8කින් ඉහළ ගිහින් යුවාන් බිලියන 75.4ක් දක්වා වැඩිවෙලා. ඒ වගේම ලාභයත් සියයට 6.5කින් ඉහළ ගිහින් යුවාන් බිලියන 3.4ක් වගේ තත්වයකට ආවලු.

මේ වසරේ පළමු කාර්තුවේ විකුණුම් නම් දාපු ගාණක් — ආසන්නව සියයට 80ක් විතර වැඩිවෙලා තියෙනවා.

මේකට ප්‍රධාන හේතුවක් විදිහට කියන්නේ චීන ප්‍රහාරක ජෙට් යානා වලට ලෝකෙ රටවල් වලින් ඉල්ලුම වැඩිවෙලා තියෙන එක.

2025 ඉන්දු-පකිස්තාන ගැටුමෙන් පස්සේ J-10 සහ JF-17 යානා ගැන වැඩි කතාබහක් ගිහින් තියෙන නිසා සමාගමටත් වැඩි අවධානයක් ලැබිලා තියෙනවා.

ඉන්දුනීසියාව, ඉරාකය, බංග්ලාදේශය වගේ රටවල්ත් මේ චීන ගුවන් යානා ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා වාර්තා වෙනවා.

එකතුව බලද්දි චීනය ආයුධ අපනයනය වැඩි කරගෙන ගෝලීය ආරක්ෂක වෙළඳපොලේ තවත් බලවත් වෙන්න හදනවා කියලයි AVIC සමාගම කියන්නේ.

Share This