ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් බ්‍රිතාන්‍යය සීරුවෙන්

උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රදේශයේ සිදුවූ පිහි ප්‍රහාරයක්ත් සමග එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන මට්ටම ‘සැලකිය යුතු’ මට්ටමේ සිට ‘දරුණු’ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසන්නේ, ඉදිරි මාස 6 ඇතුළත ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමේ ඉඩකඩ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඉකුත් බදාදා සිදුවූ මෙම පිහි ප්‍රහාරයෙන් යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම ඉරාන හිතවාදී ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකෙන ‘හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා’ සංවිධානය භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කරන්නේ, ත්‍රස්ත තර්ජන මට්ටම ඉහළ දැමීමට මෙම ප්‍රහාරය පමණක් හේතුවී නොමැති බවයි.

ඉස්ලාම් අන්තවාදී සහ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වැඩිවීමත් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව ඔවුන් පවසනවා.

බදාදා සිදුවූ මෙම ප්‍රහාරය බ්‍රිතාන්‍යයේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් නවතම සිදුවීම ලෙස සැලකෙන අතර, මීට පෙර අවසන් වරට ත්‍රස්ත තර්ජන මට්ටම ‘දරුණු’ ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ 2022 පෙබරවාරි මාසයේදීයි.

Share This