21 හැවිරිදි තරුණයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
මාදම්පිටිය රන්මුතු සෙවන පැත්තේ කරපු වැටලීමකදී අයිස් සහ හෙරොයින් එක්ක තරුණයෙක්ව පොලිසිය අල්ලගෙන තියෙනවා.
ඊයේ රෑ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් තමයි මේ වැටලීම කරලා තියෙන්නේ.
අල්ලගන්න වෙලාවේ ඔහු ළඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 17කට වැඩි ප්‍රමාණයක් තිබිලා හමුවෙලා තියෙනවා.
ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණලා හම්බ කරගත්තයි සැක කරන රුපියල් 135,000කට වැඩි මුදලකුත් පොලිසිය භාරයට අරගෙන තියෙනවා.
අල්ලගෙන තියෙන්නේ කොළඹ 15 පැත්තේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්ව.
මේ සිද්ධිය ගැන මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන කරගෙන යනවා.
