හලාවතදී තරුණයෙක් දුම්රියට බිලි
හලාවත – වට්ටක්කල්ලිය දුම්රීය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රීයේ ගැටී සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබු තරුණයා හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි හලාවත මූලස්ථාන පොලීසිය සඳහන් කළේ.
කොළඹ සිට පුත්තලම බලා ගමන් කරමින් තිබු දුම්රියේ මෙම තරුණයින් දෙදෙනා ගැටී ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දිනුක ශෂේන්ද්‍ර පෙරේරා නමැති 18 හැවිරිදි හලාවත – වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරීන් මරණයට පත්වු තරුණයාගේ මව, පියා හා කුඩා සොහොයුරන් දෙදෙනා මාස කිහිපයකට පෙර ඇමරිකාවේ පදිංචියට ගොස් තිබෙනවා.
මරණකරුට අමෙරිකාවට යාමට නොහැකි වී ඇත්තේ විදේශ ගතවීම සඳහා සකසා තිබු ලියකියවිලිවල ගැටළු හේතුවෙන්.
කෙසේ වෙතත් එය නිවැරදිකරගැනීමෙන් පසු ඔහුද ඇමරිකාවට යාමට සුදානම්ව සිට ඇති බව සඳහන්.
එමෙන්ම මෙම දුම්රීය අනතුරීන් බරපතල තුවාල ලබා මේ වන විට හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින 20 හැවිරිදි අනෙක් තරුණයාද රැකියාවක් සදහා විදෙස් ගතවීමට සුදානමින් වීසා ලැබෙන තුරු රැදි සිට ඇති බවයි වාර්තා වන්නේ.