වැලිකඩ මැගසින් බන්ධනාගාරයේදී රැදවියකු මිය යාම – තවත් ජේලර්ලා දෙන්නෙක් අත්අඩංගුවට – දැන් ඔක්කොම සැකකරුවෝ පස්දෙනයි

“අද (28) සවස් වෙලාවේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් තවත් බන්ධනාගාර නියාමකවරු දෙන්නෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. එයාලව බොරැල්ල පොලිස් ස්ථානෙට ඉදිරිපත් කරලා තියෙනවා.

මේ වෙද්දී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු සැකකරුවන් ගණන පහක් වෙලා තියෙනවා. බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එකතු වෙලා තවදුරටත් විමර්ශන කරගෙන යනවා.

ඊයේ (27) උදේ බොරැල්ල පොලිස් වසමේ තියෙන මැගසින් බන්ධනාගාරය ඇතුළේ රැඳවියෙක් මියගියා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරු දෙන්නෙක්ව අත්අඩංගුවට අරගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණය එයාලව ලබන 06 වෙනිදා වෙනකම් රක්ෂිත බන්ධනාගාරගත කළා.

අත්අඩංගුවට ගත්ත දෙන්නත් එක්ක එකතු කරලා මේ වෙද්දී මුළු සැකකරුවන් පස් දෙනෙක් ඉන්නවා. බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනවා.”

Share This