කටුනායකින් මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ චීවරදාරීන්ට මොකද කරන්නෙ? මහා නායක හිමිවරුගේ අනුශාසනා ගන්නවා – ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

ගුවන්තොටුපොළේදී භික්ෂූන් වහන්සේලා අල්ලපු සිද්ධිය ගැන, මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුව තමයි ඉදිරියට වැඩ කරන්නෙ කියලා ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා මහවදී කියලා තියෙනවා.

ඒත් එක්කම, මේ සිද්ධියට අදාළව නීතියෙන් ගන්න ඕන පියවර ඔක්කොම ගන්නවා කියලාත් ඔහු කියනවා. බලයට ආව දා ඉඳලාම නීති විරෝධී වැඩවලට එරෙහිව ක්‍රියා කරනවා කියලාත් සඳහන් කරලා තියෙනවා.

“කවුරුද කියලා බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක වෙනවා” කියලා ඔහු තවදුරටත් කියලා තියෙනවා.

ඒ කියන්නේ, නීතිය ඉදිරියේ හැමෝම සමානයි. දුබලයාට වෙනම නීතියක්, බලවත් කෙනාට වෙනම නීතියක් කියලා දෙයක් නෑ කියලා ඔහු පැහැදිලි කරලා තියෙනවා.

ඒ වගේම, කවුරුහරි නීතියට විරුද්ධව වැඩ කරනවා නම්, ඔවුන්ව නීතියට ඉදිරිපත් කරන්න අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා කියලාත් අමාත්‍යවරයා කියලා තියෙනවා.

 

Share This