මින් ඉදිරියට දුම්රිය ධාවනය වේගසීමාවලට විතරයි – ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන
ලොකමෝටිව් ඔපරේටිව් ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන කියන්නේ, මෙතනින් පස්සේ දුම්රිය ධාවනය කරන්නේ තදින්ම වේගසීමා පිළිපදිමින් කියලා.
ඒ හින්දා ටිකක් ප්‍රමාද වෙ
න්නත් පුළුවන් කියලා ඔහු කියනවා.
මේ තීරණය ගත්තේ පහුගියදා වාද්දුවේ “සාගරිකා” දුම්රිය පිලී පැනීමෙන් පස්සේ, ඒ දුම්රියේ රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ තහනම් කරපු එකට විරෝධය දැක්වීමටයි.
හැබැයි ඔහු කියනවා මේක වෘත්තීය ක්‍රියාමාර්ගයක් නෙවෙයි කියලා.
ඔහු පැහැදිලි කරන විදිහට, ඒ සිද්ධිය වෙලා තියෙන්නේ තාවකාලික වේගසීමා තියෙන තැනකවත් නෙවෙයි. ඒ වගේම, රියදුරා හෝ කාර්ය මණ්ඩලය හිතාමතා කරපු දෙයක්වත් නෙවෙයි කියලාත් ඔහු කියනවා.
ඔහු තවදුරටත් කියන්නේ, දුම්රියවලත් බොහෝ තාක්ෂණික අඩුපාඩු තියෙනවා, දුම්රිය මාර්ගත් හරි නඩත්තු වෙන්නේ නැහැ කියලා.
එහෙම වෙලා තියෙද්දි, කාර්ය මණ්ඩලය පමණක් වැඩ තහනම් කිරීම හරි නෑ කියලා ඔවුන් විරෝධය පළ කරනවා.
ඔහු කියනවා, මේ වෙනකොට දුම්රිය වෙලාවට දුවන්නෙත් රියදුරන් තමන්ගේ රැකියාවත් අවධානමට දාගෙන කියලා.
ඒ නිසා ඉදිරියට ඒ අවධානම ගන්නෙ නැතුව, නියමිත වේගයටම දුම්රිය දවන්න තීරණය කරලා තියෙනවා. ඒක නිසා ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්.
තවද, දුම්රියවල බොහෝමයකට අවශ්‍ය මීටර් වගේ උපකරණත් නැති නිසා, හරි හරියට වේගසීමා තීරණය කරන්නත් අමාරුයි කියලා ඔහු කියනවා.
ඒ නිසා මේ අඩුපාඩු හදාගන්න කාලයක් දීලා, දුම්රිය අලුත්වැඩියා කරලා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම නොකළොත්, ඒ දුම්රිය ධාවනයෙන් ඉවත් වෙන්නත් ඔවුන් තීරණය කරලා තියෙනවා කියලා ඔහු අවසානයේ කියනවා.
