රජයේ නිලධාරීන්ට ඩිජිටල් තාක්ෂණය පිළිබද මාර්ගෝපදේශ
තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතා කරන අයුරු ගැන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රජයේ නිලධාරීන්ටත් කාර්ය මණ්ඩලයටත් අලුත් මාර්ගෝපදේශ ටිකක් දීලා තියෙනවා.
මේකෙන් කියන්නේ, ගෙදර ඉඳන් හෝ ඔෆිස් එකේ ඉඳන් ප්‍රධාන රාජකාරි කරන්නේ කොහොමද කියන එකට අනුමත ක්‍රම කිහිපයක්.
ඒ අතරින් විශේෂයෙන් කියලා තියෙන්නේ, WhatsApp වගේ පණිවුඩ යෙදුම් හරහා කිසිම වෙලාවක සංවේදී රජයේ දත්ත යවන්න එපා කියලා.
රාජකාරිවලට අදාල තොරතුරු ආරක්ෂා කරගන්න දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැඩිපුර අවධානය යොමු කරන්න කියලත් කියලා තියෙනවා.
විශේෂයෙන් ලොකු සහ සංවේදී රජයේ රැස්වීම් සඳහා meet.gov.lk කියන ඩිජිටල් වේදිකාව භාවිතා කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. මේකෙන් ආරක්ෂිතව, කාල සීමාවක් නැතුව රැස්වීම් පවත්වන්න පුළුවන්.
රජයේ නිලධාරීන්ට GovTech Sri Lanka හරහා මේ සේවාවට පිවිසෙන්න පුළුවන්. ඒකට 0112 497900 කියන අංකයට කතා කරලා තමන්ගේ ආයතනයට access එක ගන්න පුළුවන්.
ඊට අමතරව, දුරස්ථව වැඩ කරන වෙලාවට ඉලෙක්ට්‍රොනික ලේඛන සහ e-signature භාවිතා කරන විදිහ ගැනත් මේ මාර්ගෝපදේශ වල තියෙනවා.
