ජාතික ජන බලවේගයෙන් මැයි රැලි 21ක්
ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් මැයි 1 වැනිදා රට පුරා මැයි රැලි 21ක් පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කරලා තියෙනවා.
මෙවර මැයි දින තේමාව වෙන්නේ “ජන රජයට ජන බලයක්” කියන එකයි.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වීමට නියමිතයි. ඒකට අමතරව, ඔහු නුවරඑළියේ පැවැත්වෙන මැයි රැලියටත් සහභාගී වෙන්න නියමිතයි.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් මැයි රැලි දෙකක් පැවැත්වෙන අතර, අනෙක් රැලි විවිධ ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා.
මෙම මැයි රැලි ගාල්ල, මාතලේ, කුරුණෑගල, රත්නපුර, යාපනය, මඩකලපුව, කඩවත, මාතර, මහනුවර, හලාවත, අනුරාධපුර, වවුනියාව, අම්පාර, කළුතර, තංගල්ල, කෑගල්ල, කදුරුවෙල, ත්‍රිකුණාමලය සහ වැල්ලවාය වැනි ප්‍රදේශවලදී පැවැත්වීමට නියමිතයි.
