රනිල්ගේ ගෙදරට ගිහින් ප්‍රකාශයක් ගැනීම හෙලා දකිනවා – වජිර අබේවර්ධන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට ලක්වෙලා ඉන්න මේ වෙලාවේ, රහස් පොලිසිය ඔහුගේ නිවසට ගිහින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ගත්ත එක හෙලා දකිනවා කියලා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියනවා.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත්, රනිල් වික්‍රමසිංහ මහත්මයත් දෙන්නම අසනීපයෙන් ඉන්න මේ වෙලාවේ, පිටස්තර අය ඒ නිවසට යන එක ඔවුන්ගේ සෞඛ්‍යයටත් අනතුරුදායක දෙයක් කියලා ඒ් මහතා කියනවා.
වජිර අබේවර්ධන මහතා මේ අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ, කොළඹදී මාධ්‍යයට කතා කරමින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගැනීම ගැන අදහස් දක්වමින්.
