ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 පන්නයි – ශ්‍රීලංකා මහ බැංකුව වාර්තා කරයි

අපේ රටේ ආර්ථික ඉතිහාසයේ කවදාවත් නැති විදිහේ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ තමයි ලංකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය වාර්ෂික ආදායම (ඒක පුද්ගල ආදායම) ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා යෑම. 2025 වසරේ මහ බැංකු වාර්තාවට අනුවයි මේ බව තහවුරු වෙලා තියෙන්නේ.
ආදායම ඉහළ ගියේ මෙහෙමයි:
2024 දී: ඒක පුද්ගල ආදායම තිබුණේ ඩොලර් 4,546 ක් විදිහටයි.
2025 දී: එය ඩොලර් 5,003 දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ වසරක් ඇතුළත එක් අයෙකුගේ ආදායම ඩොලර් 457 කින් විතර වැඩි වෙලා.
මීට කලින් ලංකාවේ වැඩිම ඒක පුද්ගල ආදායම වාර්තා වුණේ 2018-2019 කාලේදී (ඩොලර් 4,000 සීමාවේ). හැබැයි 2022 ආර්ථික අර්බුදයත් එක්ක මේක ඩොලර් 3,464 දක්වා දරුණු විදිහට පහත වැටුණා. එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වෙලා තමයි අද මේ ඓතිහාසික ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ.
