වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා

රජය විසින් මෙවර වෙසක් සතිය මැයි මස 27 වන දින සිට ජුනි මස 02 වන දින දක්වා සැමරීමට තීරණය කර ඇත. ඒ අනුව, රාජ්ය වෙසක් මහෝත්සවය මැයි 27 වන දින මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

වෙසක් සතියේ දිනෙන් දින සැලසුම් කර ඇති වැඩසටහන්:

  • මැයි 27 – රාජ්ය වෙසක් උත්සවය සහ දිවයින පුරා වෙසක් සමාරම්භක වැඩසටහන්

  • මැයි 28 – “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” තේමාව යටතේ වැඩසටහන්

  • මැයි 29 – සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්

  • මැයි 30 – සීල, භාවනා, පින්කම්

  • මැයි 31 – භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන්

  • ජුනි 01 – ආගමික සංවර්ධන වැඩසටහන්

  • ජුනි 02 – ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් සහ ශ්‍රමදාන

මෙම තොරතුරු අමාත්‍යාංශයේ නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

Share This