කොළඹ බෝම්බ පුපුරවන්න සැළසුම් කරලා! කංජිපානිගේ අයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත කොළඹ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන සැකකරුවකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි මෙම පුද්ගලයා ජාඇල, කලා වීදිය ප්‍රදේශයේදී අල්ලාගෙන තිබෙන අතර, ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සඳහන්.

පොලිසිය කියන්නේ, රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කොළඹට බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කර තිබුණා කියලා විමර්ශනවලින් හෙළිවෙලා තියෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.

Share This