පුද්ගලික බැංකුවක වෙබ් අඩවියට සමාන ව්‍යාජ සයිට් එකක් හදලා ගේමක් ගහන්න ගිය සැකකරුවෙකු අත්අඩංගුවට

පුද්ගලික බැංකුවක වෙබ් අඩවියට සමාන ව්‍යාජ සයිට් එකක් හදලා රුපියල් 10 ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ 22 හැවිරිදි තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ (20) අල්ලගෙන වාරියපොල පොලිසියට භාරදීලා තියෙනවා.

ඔහු අද (21) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

Share This