පෙනීම යථා තත්ත්වයට පත් කළ හැකි කෘතිම අක්ෂි කාචයක් (Cornea) 3D මුද්‍රණ තාක්ෂණය නිපදවෙයි
පර්යේෂකයන් විසින් පෙනීම යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඇති කෘතිම අක්ෂි කාචයක් (Cornea) 3D මුද්‍රණ තාක්ෂණය භාවිතයෙන්
සාර්ථකව නිපදවා තියෙනවා.
දකුණු කොරියාවේ පෝහන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ කියුන්ග්පුක් ජාතික විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් එක්ව සිදු කළ මෙම පර්යේෂණය, පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාවේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.
මෙම කෘතිම පටකය නිර්මාණය සඳහා සෛල ඉවත් කරන ලද අක්ෂි පටක (Decellularized corneal stroma) සහ ප්‍රාථමික සෛල (Stem cells) ඇතුළත් විශේෂිත “Bioink” වර්ගයක් භාවිතා කර අති අතර ඒ මඟින් මිනිස් ඇසකට අත්‍යවශ්‍ය වන කොලජන් තන්තු වල සංකීර්ණ ජාලය නිවැරදිව ප්‍රතිනිර්මාණය කිරීමට හැකිවී තිබෙනවා.
පර්යේෂකයන් පවසන්නේ මුද්‍රණ ක්‍රියාවලියේදී “Shear stress” පාලනය කිරීමේ හැකියාව මෙම සාර්ථකත්වයේ ප්‍රධාන කරුණක් වූ බවයි. එමඟින් ස්වභාවික අක්ෂි කාචයක පවතින කොලජන් තන්තු පෙළගැස්ම ඉතා නිවැරදිව අනුකරණය කිරීමට හැකිවී ඇති බවයි.
කෘතිම ද්‍රව්‍ය මත පදනම් වූ පෙර උත්සාහයන්ට වඩා වෙනස්ව, මෙම 3D මුද්‍රිත පටකයට ස්වභාවික විනිවිදභාවය හා නම්‍යශීලී බව ඉහළ මට්ටමක පවතින බවද සඳහන් වෙනවා.
මෙම නව තාක්ෂණය, ලොව පුරා පවතින අක්ෂි කාච බද්ධ කිරීමේ හිඟයට විසඳුමක් විය හැකි බවත්, බද්ධ කිරීමෙන් පසු ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානම අඩු කරමින් පෙනීම අහිමි වූ මිලියන ගණනකට නව බලාපොරොත්තුවක් ලබා දිය හැකි බවත් පර්යේෂකයෝ පෙන්වා දෙනවා.
