රිච්ටර් මාපක 5.5ක ප්‍රභල භූ චලනයක් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හෙල්ලෙයි

පාකිස්තානයත් ඇෆ්ගනිස්තානයත් ආසන්නයේ අද (18) උදෑසන භූකම්පනයක් වෙලා තියෙනවා.

ඒක රිච්ටර් මාපකේ 5.5ක් විතර ප්‍රභලතාවක් තියෙන භූකම්පනයක් කියලා විදෙස් මාධ්‍ය කියනවා.

මේ කම්පනය පාකිස්තානයේ වගේම ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ ගොඩකටම දැනිලා තියෙනවා කියලාත් සඳහන් වෙනවා.

ඒත් මේ වෙනකම් ඒකෙන් වෙච්ච හානි ගැන නම් කිසිම වාර්තාවක් නෑ කියලා තමයි කියන්නේ.

Share This