ඉරානය නැවත හෝමුස් වසා දමයි අපේ වරායන් අමෙරිකාව අවහිර කරනවා

ඉරානය කියන්නේ, අද (18) ඉඳලා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවතත් වහලා තියෙනවා කියලා. ඒ කියන්නේ ආපහු “දැඩි පාලනය” යටට ගෙනාවා කියන එක.

ඔවුන් කියන විදිහට, ඇමරිකාව දිගින් දිගටම ඉරානයේ වරායන් අවහිර කරන නිසා තමයි මේ තීරණය ගත්තේ කියලා.

ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ත් කලින්ම අනතුරු ඇඟවලා තිබුණා—ඇමරිකාව මෙහෙම දිගටම කරගෙන ගියොත් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොවෙන්න පුළුවන් කියලා.

තවත් දෙයක් තමයි, ඉරානයේ රාජ්‍ය මාධ්‍ය ‘IRIB’ කියලා තිබුණේ මේ ප්‍රධාන නැව් මාර්ගය වහලා තියෙනවා, ඒ හරහා යන්න නම් ඉරානයේ අවසර ගන්නම ඕනේ කියලා.

මේ අතර, මේ සතිය මුලදී ඇමරිකාව කියලා තිබුණේ, ඉරානයට යනත් එතනින් එනත් නෞකා හෝමූස් හරහා යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.

 

Share This