ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

අරලගංවිල පොලිස් වසමේ මාදුරු ඔය යුද හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 ක් වූ ජනකගම, මාදිවෙල ප්රදේශයේ පදිංචි යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයෙක්. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
