අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය
අද (18) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භව පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.
සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, පෙර පැවති පරිදිම පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටා ක්‍රමය නැවත හඳුන්වාදෙන බවයි.
උත්සව සමය නිමිත්තෙන්, පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පටන් පෙට්‍රල් නිකුත් කිරීමේදී QR ක්‍රමය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ඒ වෙනුවට ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය ක්‍රියාත්මක විය.
එහෙත්, අද මධ්‍යම රාත්‍රියෙන් පසු සියලු වාහන සඳහා ඉන්ධන ලබාදීම QR ක්‍රමවේදය යටතේ පමණක් සිදුකෙරෙන බවද වැඩිදුරටත් සඳහන් වේ.
