හිටපු මන්ත්‍රී චන්දන රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ගිනි අවියක්, ජීව අත් බෝම්බයක් සහ ජිව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ගෙන් පැය 72 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

සැකකාර අමාත්‍යවරයා ගේ පිළියන්දල , මාම්පේ, වවන වත්ත පාර නිවස ඊයේ (16 )පරීක්ෂාකර විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , ටි 56 මැගසින් 02 ක්, දශම 22 දරන ජීව උණ්ඩ 103 ක් මිලි මිටර් 7 දශම 2   ජිව උන්ඩ 31 ක්   , ටි 56 ජිව උන්ඩ 221 හා බෝර 16 ස්ටීවන් වර්ගය ගිනි අවියක්  පොලිස් භාරයට ගෙන තිබුණා.

ටි 56 ගිනි අවියක් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ  තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කැස්බෑව  අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව  කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක අමාත්‍යවරයාගේ දෙමහල් නිවස සෝදිසියට ලක් කර ජීව අත් බොම්බය සහ අවි ආයුධ තොගය සොයාගෙන තිබුණා.

Share This