ලංගම බස් ගාස්තු ගෙවීම ඉදිරියේදී කාඩ් ක්‍රමයට පමණයි

ලංගම බස් ගාස්තු ඉදිරියේදී සම්පූර්ණයෙන්ම කාඩ් පත් මගින් පමණක් ගෙවීමට හැකිවන පරිදි අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා කියලා .

ඒ මහතා කියන්නේ, ඉදිරි මාස කිහිපය තුළ මෙම කාඩ් ගෙවීම් ක්‍රමය ලංගම සේවයට හඳුන්වා දීමට නියමිතව ඇති බවයි.

අද (16) මාතර සිට කොළඹ දක්වා ගමන් කරන මගීන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳව සොයා බැලීමෙන් පසුව මාධ්‍ය හමුවේ දී එතුමා කිව්වේ මෙහෙම කතාවක්.

එමෙන්ම, ලංගමය ඩිජිටල්කරණය කිරීම ඇතුළු පොදු ප්‍රවාහන සේවාවේ

වෙනස්කම් ඉදිරි වසර තුනක් ඇතුළත ජනතාවට දැකගත හැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියලා තිබුණා.

Share This