අනාගතයේ ලෝකය පාලනය කරන අවිය වතුර – 3වන ලෝක යුද්ධය “නිල් රත්තරන්” වලට!

ඊළග ලෝක යුද්ධය ඇවිලෙන්නේ “නිල් රත්තරන්” (Blue Gold) වෙනුවෙන්ද?
අනාගතයේ ලෝකය පාලනය කරන්නේ තෙල්,රත්තරන් තියෙන රටවල් නෙවෙයි, වතුර තියෙන මිනිස්සු! බිලියනපතියන්ගේ අලුත්ම ආයෝජන ඉලක්කය දැන් “ජලය” බවට පත්වෙලා.
මේ පිටුපස ඇති බියකරු යථාර්ථය
Michael Burry සහ “The Big Short” පුරෝකථනය
2008 ලෝක මූල්‍ය අර්බුදය නිවැරදිව පුරෝකථනය කළ සුප්‍රකට ආයෝජක මයිකල් බියුරි (Michael Burry), මීට වසර කිහිපයකට පෙර සියලුම ආයෝජන ඉවත් කර ජලය ආශ්‍රිත ව්‍යාපාර සදහා ආයෝජනයන්ට යොමු වුණා.ඔහුගේ තර්කය වුණේ “ඉල්ලුම ඉහළ යන නමුත් සැපයුම සීමා සහිත එකම සම්පත ජලයයි” යන්නයි. ඔහු සෘජුවම ජලය ගබඩා කරනවා වෙනුවට, ජලය බහුල ප්‍රදේශ වල කෘෂිකාර්මික ඉඩම් මිලදී ගෙන ඒ හරහා ජල අයිතිය (Water Right) සිය පාලනයට නතු කරගමින් සිටිනවා.
වෝල් ස්ට්‍රීට් (Wall Street) හි ජලය විකිණීම
2020 වසරේ සිට රත්තරන්,තෙල් සහ තිරිගු මෙන් කොටස් වෙළදපොළේ වෙළදාම් කළ හැකි භාණ්ඩයක් බවට ජලය පත් වුණා.
මෙයින් අදහස් කරන්නේ ජලයේ අනාගත මිල මත පදනම්ව සූදුවේ නියැලීමට ආයෝජකයන්ට අවස්ථාව ලැබීමයි. ස්වභාවධර්මයේ දායාදයක් වූ ජලය මෙලෙස. වෝල් ස්ට්‍රීට් හි මූල්‍ය මෙවලමක් වීම හරහා අනාගතයේදී ජලයේ මිල තීරණය කිරීමේ බලය සාමන්‍ය ජනතාවගෙන් ගිලිහී ධන කුවේරයන් අතට පත්වීමේ අවදානමක් පවතිනවා.
බහු ජාතික සමාගම්වල ජල කොල්ලය
ලොව පුරා ප්‍රකට බහුජාතික සමාගම් ඉතා අඩු මිලට හෝ නොමිලේ පොදු ජල මූලාශ්‍ර ලබාගෙන, ඒවා ප්ලාස්ටික් බෝතල්වල අසුරා අධික මිලකට නැවත ජනතාවටම විකුණනු ලබනවා. බොහෝ රටවල භූගත ජලය මෙලෙස සූරාකෑම නිසා ප්‍රදේශවාසීන්ගේ ළිං සිදී යාම හා ගොවිතැන් විනාශ වීම “ජල කොල්ලයක්” ලෙස මානව හිමිකම් සංවිධාන හදුන්වනවා. ජලය මානව අයිතිවාසිකමක් වෙනුවට පෞද්ගලික ලාභ ලබන වෙළද භාණ්ඩයක් බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ලංකාවට ඇති අවදානම කුමක්ද??
ශ්‍රී ලංකාව ජලයෙන් පොහොසත් රටක් ලෙස පෙනුනත්, අප දැඩි අවදානමක සිටිනවා. විදේශික ආයෝජන නාමයෙන් අපේ ජල මූලාශ්‍ර පෞද්ගලික සමාගම් සතු වීමේ තර්ජනයක් තිබෙනවා. ලෝකයටම ජලය හිගයක් එද්දී ලෝක බලවතුන්ගේ ඊළග ඉලක්කය වෙන්නෙ ශ්‍රී ලංකාවේ ස්වභාවික ජල මූලාශයි. අපි ණය වෙනුවට අපේ රටේ වතුර ටික පිටරට කම්පැනි වලට ලියා දුන්නොත් අපේ රටේ අනාගත පරම්පරාවට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිද්ද වෙනවා.
වතුර කියන්නේ අපේ ජීවය මිසක් විකුණන භාණ්ඩයක් නෙවෙයි. අනාගත පරපුර වෙනුවෙන් අපේ ජල මූලාශ්‍ර ආරක්ෂා කරගැනීම බලධාරින්ගේ වගකීමකි.
